හෘදයාබාධ

හර්දයාබාධයකින් ඇතිවිය හැකි සංකුලතාහ මෘදු මට්ටමේ සිට ජීවිතයට තර්ජනයක් ඇතිවිය හැකි මට්ටම දක්වා පුළුල් ලෙස වෙනස් විය හැක, සමහර අයට සුළු හර්දයාබාධයක් (නමුත් එය තාමත් බරපතල විය හැකි වුවද) කිසිදු සංකීර්ණ සංකුලතා ඇති නොවේ. මෙයද සංකීර්ණ නොවන හර්දයාබාධයක් ලෙස හැදින්විය හැකිය. අනෙකුත් පුද්ගලයන්ට විශාල පරාසයක් තුල ඇතිවිය ඇති සන්කුලතා සමඟ ඇති විශාල හර්දයාබාධයක් ඇත විඳිනු ඇත සහ ඒ සඳහා පුළුල් ප්‍රතිකාර අවශ්‍ය විය හැකිය. හෘද ආබාධයක ඇති ඇතැම් පොදු සංකූලතා පහත දැක්වේ.

අරිත්මියා (Arrhythmia)

අරිත්මියා යනු අසාමාන්‍ය හර්ද ස්පන්ධනයකි. මෙයට පහත දේවල් ඇතුලත් වේ:

  • වේගයෙන් ස්පන්දනය වීම -ටැකිකාර්ඩියා (Tachycardia)
  • ඉතා සෙමෙන් ස්පන්දනය වීම -බ්‍රැඩිකාර්ඩියා (Bradycardia)
  • අක්‍රමවත් ලෙස ස්පන්දනය වීම ඒට්‍රියෙල් ෆිබ්‍රිලේෂන් (Artrial Fibrillation)

හර්දයාබාධයක් හේතුවෙන් මාංශ පෙශීන් වලට හානි වීම නිසා අරිත්මියා වර්ධනය විය හැක. හානියට පත් වූ මාංශපේශී, හදවත පාලනය කිරීම සඳහා ශරීරය මගින් භාවිතා කරන විදුලි සංඥා කඩාකප්පල් කරයි. ටැකිකාර්ඩියා වැනි සමහර අරිත්මියා මෘදු වන අතර පහත සඳහන් රෝග ලක්ෂණ පෙන්නුම් කරයි:

පහත සඳහන් අනෙක් අරිත්මිය ජීවිතයට තර්ජනයක් විය හැකිය:

  • සම්පුර්ණ හදවත අවහිර වීම - විද්‍යුත් සංඥා වලට ඔබගේ හදවතේ එක පැත්තක සිට අනෙක් පැත්තට යාමට නොහැකි වේ. එම නිසා ඔබගේ හදවතට නිසි ලෙස රුධිරය පොම්ප කිරීමට නොහැකි වේ
  • වෙන්ට්‍රිකියුලර් අරිත්මියා (Ventricular arrhythmia) -හදිසි හර්දයාබාධයකදී හර්දය ස්පන්දනය වීමට පෙර හර්දය වේගයෙන් ගැහීමට පටන්ගනී. එවිට රුධිරය පොම්පකිරීම නවතී. වැඩි විස්තර සඳහා හර්දයබාධ රෝග ලක්ෂණ බලන්න

හර්දයාබාධයකින් පැය 24- 48අතරතුර දී මරණයට මෙම ජීවිත තර්ජිත අරිත්මියා ප්‍රධාන හේතුවක් විය හැකිය. කෙසේ වෙතත් ඩෙෆිබ්‍රිලේටර් (Defibrillator) නමැති අතේ ගෙන යා හැකි බාහිර උපාංගය සොයා ගැනීමත් සමගම ජීවිත බේරීමේ අනුපාතය සැලකිය යුතු ලෙස ඉහල ගොස් ඇත. මෙමඟින් කෘත්‍රිම විදුලි ධාරාවක් හදවතට ලබා දී නිවැරදි රිද්මයකට හදවත නැවත පත්කිරීම සිදු කරනු ලැබේ. මෘදු අරිත්මියා සාමාන්‍යයෙන් බීටා බ්ලොකර්ස් (Beta-blockers) වැනි ඖෂධ මඟින් පාලනය කළ හැකිය. නිතරම හා දිගුකාලීන ලක්ෂණ ඇති කරවන තවත් කරදරකාරී බ්‍රැඩිකාර්ඩියා සඳහා පේස් මේකර් (Pacemaker) භාවිතයෙන් ප්‍රතිකාර කළ යුතුය. හද ගැස්ම මැනවින් නියාමනය කිරීම සඳහා මෙම විද්‍යුත් උපාංගය, සැත්කමක් මඟින් පපුව ඇතුලට සවි කරනු ලැබේ.

හෘදය වස්තුව අකරණිය වීම

හදවතට ඔබගේ සිරුර පුරා රුධිරය ඵලදායි ලෙස පොම්ප කිරීමට නොහැකි වූ විට හර්දය වස්තුව අකරණිය ඇතිවේ. හර්දයාබාධයකින් ඔබේ හෘද සෛල වලට විශාල වශයෙන් හානි සිදුවුවහොත් හර්දයාබාධයකින් පසුව මෙසේ සිදු විය හැක. මෙය සාමාන්‍යයෙන් හෘදයේ වම් පැත්තෙහි (වම් කෝෂිකාව) දක්නට ලැබේ. හර්ද අකරණියේ රෝග ලක්ෂණ:

  • හුස්ම ගැනීම අපහසු වීම
  • තෙහෙට්ටුව
  • තරලයක් නිසා ඔබේ දෑත් සහ කකුල් ඉදිමීම

හර්දය වස්තුව අකරණිය සඳහා ඖෂධ එකතුවක් සමඟ ප්‍රතිකාර කල හැකි අතර සමහර අවස්ථාවලදී ශල්‍යකර්ම වලට යා හැකිය. මේ පිලිබඳ වැඩිපුර දැන ගැනීම සඳහා ''හර්දය අකරණිය සඳහා ප්‍රතිකාර'' කියවන්න.

කාර්ඩියෝජෙනික් ෂොක් (Cardiogenic shock)

කාර්ඩියෝජෙනික් ෂොක් හර්ද අකරණියට සමාන වුවත් මෙය ඊට වඩා බරපතල වේ. හදවතේ මාංශපේශි වලට විශාල වශයෙන් හානි වීම නිසා මෙය වර්ධනය වේ. මේ නිසා තවදුරටත් ශරීරයේ ක්‍රියාකාරීත්වය පවත්වා ගැනීමට සඳහා අවශ්‍ය පමණ රුධිරය පොම්ප කිරීම කල නොහැකි වේ. රෝග ලක්ෂණ වලට පහත දේ ඇතුලත් කල හැකිය:

  • මානසික ව්‍යාකුලත්වය
  • සීතල දෑත් සහ පාද
  • මුත්‍ර පහවීම අඩු වීම හෝ මුත්‍ර පහ නොවීම
  • වේගවත් හදගැස්ම හා හුස්ම ගැනීම
  • සුදුමැලි සම
  • හුස්ම ගැනීම අපහසු වීම

වේසෝප්‍රෙසර්ස් (Vasopressors) යනුවෙන් හැඳින්වෙන ඖෂධ වර්ග භාවිතා කළ හැකිය. වේසෝප්‍රෙසර්ස් රධිර නාල වල ප්‍රමාණය කුඩා කිරීමට (මිරිකීමට) උදව් වන අතර මෙමඟින් රුධිර පීඩන වේගය වැඩි කරයිවී රුධිර සංසරණිය වැඩිදියුණු වේ. වරක් කාර්ඩියෝජෙනික් ෂොක් මුලික රෝග ලක්ෂණ ස්ථාවර වී ඇති විට හදවතේ ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කිරීමට ශල්‍යකර්ම අවශ්‍ය විය හැක. හෘදයෙන් රුධිරය ගලා යෑමට මෙය උපකාරි වේ. තවත් විකල්පයක් නම් කිරීටක ධමනි බයිපාස් බද්ධය (කිසියම් අවහිරතාවයක් මඟ හැරීම සඳහා, ඔබගේ සිරුරේ වෙනත් කොටසක ඇති රුධිර වාහිනී භාවිතා කරයි).

හර්දය පිපිරිම

හර්දය පිපිරිම ඉතාම බරපතල හර්දයාබාධ තත්වයක් වන අතර එහිදී හර්දයේ පේශි, බිත්ති සහ කපාට කැඩී වෙන්වේ. හර්දයාබාධයක් හේතුවෙන් හදවත සැලකිය යුතු ප්‍රමාණයකට හානි වී ඇති විට මෙය සිදු විය හැක. සාමාන්‍යයෙන් හර්දයාබාධයක් ඇති වී දින 1 සිට 5 දක්වා කාලයක් තුලදී මෙය ඇතිවිය හැක. කාර්ඩියෝජෙනික් ෂොක් වල රෝග ලක්ෂණ වලට සමාන රෝග ලක්ෂණ දැකිය හැක. ඇති වී ඇති හානිය අලුත්වැඩියා කිරීම සඳහා විවෘත හදවත් සැත්කම් කිරීම සාමාන්‍යයෙන් අවශ්‍ය වේ. හර්දය පිපිරිම ඇති අයගේ ඉදිරි දැක්ම එතරම් හොද නැත.